ඔස්ට්‍රේලියාවේ සිටින ඉන්දියානුවන් වැඩිවෙයි
发布时间:2026-09-13 | 浏览:2
ප්‍රාදේශීය පුවත්
මැතිවරණ ප්‍රතිඵල මහ මැතිවරණය 2024 ජනාධිපතිවරණය 2024
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
E-Paper - ලංකාදීප
E-Paper - ඉරිදා ලංකාදීප
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, එංගලන්තය අභිබවා යමින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන විශාලතම විදේශික ජනගහනය බවට ඉන්දියාව පත්ව ඇත . එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දියාවේ උපන් පදිංචිකරුවන් සංඛ්‍යාව 971,020 දක්වා ඉහළ ගොස් ඇති අතර , එය එංගලන්තයේ උපන් පදිංචිකරුවන් සංඛ්‍යාව (970,950) සුළු වශයෙන් අභිබවා යාමකි. මෙම දත්ත මගින් සැලකිය යුතු ජනගහන විපර්යාසයක් පෙන්නුම් කරන අතර, 2015 වසරේ සිට මේ දක්වා ඉන්දියාවේ උපන් ජනගහනය ලක්ෂ පහකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත . දිගු කලක් තිස්සේ ප්‍රථම ස්ථානයේ පසු වූ එංගලන්තය දැන් දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයෙන් 32% ක් විදේශ රටවල උපන් අය වන අතර , මෙය 1891 වසරෙන් පසු වාර්තා වූ ඉහළම ප්‍රතිශතයයි . 2025 මැද භාගය වන විට ඕස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනය මිලියන 27.6 ක් වන අතර , ඉන් මිලියන 8.8 ක් විදේශයන්හි උපන් පදිංචිකරුවන් වන අතර මිලියන 18.8 ක් ඕස්ට්‍රේලියාවේ උපන් අය වේ. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලංකාවේ උපන් ප්‍රජාව ද ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2023 වසරේදී 158,300 ක් සහ 2024 වසරේදී 172,800 ක් ලෙස පැවති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 2025 මැද භාගය වන විට 184,800 ක් දක්වා ඉහළ ගොස් ඇත . මෙයට දශකයකට පෙර , එනම් 2013 වසරේදී මෙම අගය පැවතියේ 110,000 කට මඳක් වැඩි මට්ටමකය. ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශික ප්‍රජාවන් අතර ශ්‍රී ලංකාවට මේ වන විට 9 වන ස්ථානය හිමිව ඇති අතර , එය මැලේසියාවට වඩා ඉදිරියෙන් සිටීමකි . චීනය , නවසීලන්තය සහ පිලිපීනය සෙසු ප්‍රධාන විදේශික ප්‍රජාවන් අතර වේ. මෙම ජනගහන වෙනස්වීම් හමුවේ එරට සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන විවාදයක් ද හටගෙන ඇත. ෆෙඩරල් විපක්ෂ නායක ඇංගස් ටේලර් , සමාජ ඒකාබද්ධතාවය සහ ජාතික වටිනාකම් පිළිබඳ ගැටලු පෙන්වා දෙමින් සංක්‍රමණ පාලනය දැඩි කළ යුතු බවට ඉල්ලා ඇත . කෙසේ වෙතත් , රජයේ අමාත්‍යවරුන් එම යෝජනාව දේශපාලන අරමුණින් ඉදිරිපත් වූවක් ලෙස පවසමින් ප්‍රතික්ෂේප කර තිබේ. - දර්ශන සංජීව බාලසූරිය (ඩේලි මිරර්)
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, එංගලන්තය අභිබවා යමින් ඔස්ට්‍රේලියාවේ වෙසෙන විශාලතම විදේශික ජනගහනය බවට ඉන්දියාව පත්ව ඇත . එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දියාවේ උපන් පදිංචිකරුවන් සංඛ්‍යාව 971,020 දක්වා ඉහළ ගොස් ඇති අතර , එය එංගලන්තයේ උපන් පදිංචිකරුවන් සංඛ්‍යාව (970,950) සුළු වශයෙන් අභිබවා යාමකි.
මෙම දත්ත මගින් සැලකිය යුතු ජනගහන විපර්යාසයක් පෙන්නුම් කරන අතර, 2015 වසරේ සිට මේ දක්වා ඉන්දියාවේ උපන් ජනගහනය ලක්ෂ පහකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත . දිගු කලක් තිස්සේ ප්‍රථම ස්ථානයේ පසු වූ එංගලන්තය දැන් දෙවන ස්ථානයට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයෙන් 32% ක් විදේශ රටවල උපන් අය වන අතර , මෙය 1891 වසරෙන් පසු වාර්තා වූ ඉහළම ප්‍රතිශතයයි . 2025 මැද භාගය වන විට ඕස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනය මිලියන 27.6 ක් වන අතර , ඉන් මිලියන 8.8 ක් විදේශයන්හි උපන් පදිංචිකරුවන් වන අතර මිලියන 18.8 ක් ඕස්ට්‍රේලියාවේ උපන් අය වේ.
මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලංකාවේ උපන් ප්‍රජාව ද ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2023 වසරේදී 158,300 ක් සහ 2024 වසරේදී 172,800 ක් ලෙස පැවති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 2025 මැද භාගය වන විට 184,800 ක් දක්වා ඉහළ ගොස් ඇත . මෙයට දශකයකට පෙර , එනම් 2013 වසරේදී මෙම අගය පැවතියේ 110,000 කට මඳක් වැඩි මට්ටමකය.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශික ප්‍රජාවන් අතර ශ්‍රී ලංකාවට මේ වන විට 9 වන ස්ථානය හිමිව ඇති අතර , එය මැලේසියාවට වඩා ඉදිරියෙන් සිටීමකි . චීනය , නවසීලන්තය සහ පිලිපීනය සෙසු ප්‍රධාන විදේශික ප්‍රජාවන් අතර වේ.
මෙම ජනගහන වෙනස්වීම් හමුවේ එරට සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ දේශපාලන විවාදයක් ද හටගෙන ඇත. ෆෙඩරල් විපක්ෂ නායක ඇංගස් ටේලර් , සමාජ ඒකාබද්ධතාවය සහ ජාතික වටිනාකම් පිළිබඳ ගැටලු පෙන්වා දෙමින් සංක්‍රමණ පාලනය දැඩි කළ යුතු බවට ඉල්ලා ඇත . කෙසේ වෙතත් , රජයේ අමාත්‍යවරුන් එම යෝජනාව දේශපාලන අරමුණින් ඉදිරිපත් වූවක් ලෙස පවසමින් ප්‍රතික්ෂේප කර තිබේ.
- දර්ශන සංජීව බාලසූරිය (ඩේලි මිරර්)
You May Also Like
දේශගුණික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට තිරසර ජල විසඳුම්
DIMO සහ Union Bank එක්ව TATA සහ Mercedes-Benz වාහන සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වා දෙයි
ගොඩනැගෙන කොළඹ අනාගතය
Move It Sri Lanka 2 0 සක්‍රීය සහ සෞඛ්‍යවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා PhysioPremiere සහ Physio Medicare ආයතන LUXUZ ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සෞඛ්‍යවත් රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර උදෙසා කැපවෙයි
Related Articles
අනුරාධපුරේට ආවේ චූටි ගෝත්‍රික කණ්ඩායමක්
අනුරාධපුර රැලියේ ඊයේ දකින්නට ලැබුණේ චූටි ගෝත්‍රික කණ්ඩායමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කහටගස්දිගිලියේ දී අද(13) පැවසීය...
හූති සටන්කාමින් කළ ඉල්ලීමක් ට්‍රම්ප් සිහිපත් කරයි
පමුණුගම වෙරළේ කළුගල් බැම්ම ඉදිකිරීම නවතී
ඉරාක ප්‍රහාරයකින් පසු සෞදිය තෙල් නළ මාර්ගයක් වසා දමයි
ආණ්ඩුවේ වියරු දේශපාලනයට බය නෑ
හිටපු ඇමැති පියංකර හිරගෙදර මුද්‍රණ අංශයේ වැඩට
Sisira - cb chds hcdsh cdshcsdchdhd